වතු කම්කරුවන් වැඩ වර්ජනයක…

ජිවන වියදම ඉහල යාම , ඉන්ධන මිල ඉහල දැමිම , ගැස් හිගය සහ විදුලි කප්පාදුවට එරෙහිව රජයට විරෝධය පලකරමින් බගවන්තලාව ප්‍රදේශයේ වතු ගණනාවක් වතු කම්කරුවන් වැඩ වර්ජනය කරමින් (23) දින බගවන්තලාව ටින්සින් නගරයේදි උද්ඝෝෂණයක නිරත විය.

උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් රජයට අවධාරණය කර සිටියේ ජිවන වියදම ඉහල යාම හමුවේ තමන් ලබා ගන්නා සොච්චම් වැටුපෙන් තමන්ට ජිවත් විමට නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගත වි ඇති බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ වත්මන් රජය පාලනය කරන සියළු දෙනා පාලන බලයෙන් ඉවත් වි රට කරවිය හැකි පිරිසකට පාලන බලය ලබාදෙන ලෙසයි.

වතු කම්කරුවන් ප්‍රධාන මාර්ග අවහිර කරමින් සිදු කල උද්ඝෝෂණ හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබුණි.

මේ අතර හැටන් ප්‍රදේශයේ සමාජ මාධ්‍ය ඔස්සේ එකතු වු තරුණයන් පිරිසක් රජයට එරෙහිව උද්ඝෝෂණයක් හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදි පවත්වනු ලැබුහ.

එම උද්ඝෝෂණයේ නියැලි තරුණ පිරිස මල්ලිඅප්පුව ප්‍රදේශයේ සිට හැටන් නගර දක්වා පාගමනින් පැමිණ උද්ඝෝෂණයක් සිදු කරමින් කියා සිටියේ රට බහුතර ජනතාවගේ කැමැත්තට ඉඩ දි වත්මන් රජයේ පාලකයින් සිය තනතුරු වලින් ඉවත් වි රට කරවිය හැකි පිරිසකට රට භාරදෙන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *