රජය මගින් සහනදායි මිලට තම පවුල් වලට ලබාදෙන තිරිගු පිටි මාර්තු මසට අදාලව මෙතෙක් නොලැබුණු බව වතු කම්කරුවන් කියා සිටියි.
සැම මසකම (05) දිනට තම වතු යාය මගින් තිරිගු පිටි ලබාදුන් බවත්, රජය මගින් වතු කම්කරු පවුලකට මසකට රු 80 බැගින් තිරිගු පිටි කිලෝ 15 ක් සහනදායි මිලට ලබාදිමේ වැඩසටහන යටතේ පෙබරවාරි මසට අදාල තිරිගු පිටි කිලෝ 15 පමණක් තමන්ට ලැබුණු බවයි වතු කම්කරුවන් කියා සිටින්නේ.
තමන් තිරිගු පිටි ආශ්‍රිත රොටි ඇතුළු ආහාර ද්‍රව්‍ය වලට පුරුදු වි සිටින බවත්,වෙලදපොලේ තිරිගු පිටි මිල ඉහල යාම හමුවේ තමන්ට ඒ මිලට තිරිගු පිටි මිල දි ගැනිමට නොහැකි බවයි වතු කම්කරුවන් කියා සිටින්නේ.
මාර්තු මසට අදාල තිරිගු පිටි වතු කම්කරුවන්ට නිකුත් නොකිරිම සම්බන්ධයෙන් අප වතු අධිකාරිවරුන් කිහිප දෙනෙකුගෙන් කල විමසුමකට ඔහුන් කියා සිටියේ තම වතු යායේ තිරිගු පිටි අවශ්‍යතාවයට අදාල මුදල් චෙක් පතක් මගින් වතු යටිතල පහසුකම් අමාත්‍යංශය වෙත යොමු කර ඇති බවත්, එම තිරිගු පිටි තොග මෙතෙක් ලැබි නොමැති නිසා මෙම තත්ත්වය උද්ගත වි ඇති බවයි.
රජය මගින් වතු කම්කරු පවුල් වලට සහනදායි මිලට ලබාදෙන තිරිගු පිටි නිකුත් නොකිරිම සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන තිරිගු පිටි සමාගමක උසස් නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ තිරිගු පිටි මිල ඉහල යාමත් සමග රු 80 ක් වැනි සහනදායි මිලකට වතු කම්කරුවන්ට තිරිගු පිටි ලබාදිමට නොහැකි බවත්, ඒ සදහා නව මිල ගණන් යටතේ රජය සමග සාකච්ඡා කර යලිත් ගිවිසුමක් අත්සන් කිරිමෙන් පසු වතු කම්කරු පවුල් වලට අදාල තිරිගු පිටි තොග නිකුත් කිරිමට පියවර ගන්නා බවයි.
තවද මෙරට තුල පවතින ඩොලර් හිගය හේතුවෙන් දේශිය වෙලදපොලේ තිරිගු පිටි අවශ්‍යතාවයෙන් මෙට්‍රික් ටොන් 20000 පමණ අඩුවෙන් නිෂ්පාදනය කරන නිසා තිරිගු පිටි හිගයක්ද වෙලදපොලේ පවතින බවයි.