වතුර විකුණන කතාව බොරු – අමාත්‍ය මහින්ද අමරවීර

ගොවීන්ට ලබා දෙන ජලය සඳහා ගාස්තුවක් අය කිරීමට හෝ ජලය පෞද්ගලීකරණය  කිරීමට  රජයට කිසිදු යෝජනාවක් මෙතෙක් ඉදිරිපත්ව නැතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ගොවිතැන් කටයුතු සඳහා ගොවි ජනතාවට  නොමිලයේ ලබා දෙන ජලයට ගාස්තූවක් අය කිරීමටත්, ජලය පෞද්ගලීකරණය  කිරීමට යන බවටත් ඇතැම් දේශපාලන පක්ෂ විසින් කර ඇති චෝදනා පදනම් විරහිත බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා කීය.

හුංගම හාතාගල  අඩු ආදායම්ලාභී පවුල් 200කට කුකුළු පැටවුන් ලබා දීමේ වැඩ සටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය. හදබිම අධිකාරිය මේ වැඩසටහන අරඹා තිබේ.

එක්තරා දේශපාලන පක්ෂයක ගොවි නියෝජිතයින් කියා ගන්නා පිරිසක් විසින් ගොවි ජනතාව නොමඟ යැවීම සඳහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බව ද අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *