යටියන්තොට හල්ගොල්ලවත්ත වතුයායේ සහකාර වතු අධිකාරීවරයෙකු ඇතුළු තිදෙනකු පැහැරගෙන ගොස් අසපුවක රඳවාගෙන පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ පාරම්පරික වෛද්‍යවරයෙක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු අඩංගුවට ගත් බව යටියන්තොට පොලිසිය කියයි.
පහර කෑ සහකාර වතු අධිකාරී, ක්ෂේත්‍ර නිලධාරී සහ වතු මුරකරු කරවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
පහර කෑ පිරිස වේවල් තලාව ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී පොලු මුගුරු රැගෙන වෑන් රථයකින් කඩා වැදී තිබූ ප්‍රධාන සැකකරු ඇතුළු දස දෙනකු ගෙන් පමණ පිරිසක් ඔවුන්ට පහර දී වෑන් රථයක දමාගෙන පැහැරගෙන ගොස් වේවැල් තලාව ප්‍රදේශයේ අසපුවක රඳවාගෙන පහරදී තිබිණි.
අදාළ පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලද වහාම ක්‍රියාත්මක වූ යටියන්තොට පොලිසියේ නිලධාරීන් අසපුව වෙත ගොස් එහි රඳවාගෙන සිටි පිරිස මුදවාගෙන වෛද්‍යවරයා ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.