විශ්වාසභංගයට (NCM) පක්ෂව ඡන්දය දීමට ලංකා කම්කරු කොංග්රසය තීරණය කර තිබේ.
“ලංකා කම්කරු කොංග්රසය දීර්ඝ වශයෙන් සාකච්ඡා කර වත්මන් රජයට විරුද්ධව ඡන්දය දීමට සාමූහිකව තීරණයක් ගෙන තිබෙනවා. එම තීරණය ආණ්ඩු පක්ෂයේ, විපක්ෂයේ සහ ස්වාධීන පක්ෂ නායකයින්ට දන්වා තිබෙනවා.” ලංකා කම්කරු කොංග්රසයේ පාර්ලිමේන්තු මන්ත්රී ජීවන් තොණ්ඩමන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.