නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුර හේතුවෙන් හානි වූ වගාවන් සඳහා වන්දි මුදල් ගෙවීම බ්රහස්පතින්දා(30) සිට අරඹන බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි.
පොලොන්නරුව, මුලතිව්, වවුනියාව, ත්රිකුණාමලය දිස්ත්රික්ක වල වගා හානි සඳහා වන්දි ගෙවීම් මුලින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි ගොවි ජන රක්ෂණ මණ්ඩලය කියයි.
ඒ අනුව මෙම දිස්ත්රික්ක වලින් වගා හානි සිදුවී යැයි නිර්දේශිත අක්කර 13379.96 ක ගොවීන් 6234 සඳහා රුපියල් මිලියන 166.7 කට ආසන්න මුදලක් වන්දි මුදල් වශයෙන් නිදහස් කරන බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය කියයි.
වන්දි මුදල් ලැබීමට සුදුසු ගොවීන්ගේ නාම ලේඛන ප්රාදේශීය ගොවිජන සේවා නිලධාරියාගේ නිර්දේශ සහිතව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට ලැබීමෙන් පසුව අදාල වන්දි මුදල් නිදහස් කෙරෙයි.
මෙම වන්දි මුදල් ගොවි ගිණුම් වලට බැර කරන බවද ගොවි ජන රක්ෂණ මණ්ඩලය කියයි.