වංචාවෙන් ඉපැයූ’’ වස්තු’’ රාජ සන්තකයට

වංචා සහගතව උපයන ලද දේපල ඉදිරියේදී රාජ සන්තක කිරීමට පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

නීතියේ ආධිපත්‍ය ගොඩනැගෙන්න නම් පාලිතයින් මෙන්ම පාලකයින්ද නීතියට අනුව කටයුතු කළ යුතු යැයි අමාත්‍යවරයා කීය.

ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරමින් දූෂණ  විරෝධී පනත සම්මත කරමින් කළ කාර්යභාරයේ සුභවාදී ප්‍රතිඵල ඉදිරියේදී දකින්නට පුළුවන් බව බව කී අධිකරණ අමාත්‍යවරයා රට අරාජිකව ආර්ථිකය බිඳ වැටී අස්ථාවර  රටක් නිර්මාණය වුණේ නීතියේ ආධිපත්‍ය බිඳවැටීම නිසා බව සඳහන් කළේය.

මහනුවර නව නීතිඥ කාර්යාල සංකීර්ණය සඳහා මුල්කර තැබීමේ අවස්ථාවට සහභාගී වෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *