ශත 50 ක කොමිස් මුදලක් කපා හැරීමට විරෝධය දක්වා ලොතරැයි අලෙවි නියෝජිතයින් හා අලෙවි සහායකයින් ක්රියාත්මක කළ ලොතරැයි පත් අලෙවි නොකිරීමේ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට ඊයේ(7) පස් වරුවේ තීරණය කළ බව සමස්ථ ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමයේ සභාපති ක්රිෂාන්ත මාරඹගේ මහතා ඊයේ සවස පැවසීය.
මෙම ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ හා අලෙවි සහායකයින්ගේ වර්ජනය ඉකුත් 6 දා ආරම්භ කළ අතර වර්ජනය ඉතා සාර්ථක බව ඔහු කීහ.
ලොතරැයි අලෙවි නියෝජිතයින්ට ලබා දෙන කොමිස් මුදලින් ශත 50 ක් කපා හැරීම පිළිබඳව බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව වර්ජනය තාවකාලිකව අත්හිටුවීමේ තීරණයට එළඹි බව ද සභාපති ක්රිෂාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.
සති දෙකක් තුළ ශත 50 ක කොමිස් මුදල නැවත ලබා නොදුන්නොත් යළි අබන්ඩව වර්ජනයේ යෙදෙන බව ද ඔහු කීහ.