‘ලෙකෝ’ විදුලි බිලට පෙර ගෙවුම් ක්‍රමයක්

ලංකා විදුලි පෞද්ගලික සමාගම හේවත් ‘ලෙකෝ’ සමාගම විදුලි බිල් ගෙවීමේ පෙර ගෙවුම් ක්‍රමයක් ලබන මාර්තු මස වන විට හදුන්වා දෙන බවත් එම සමාගමේ පාරිභෝගිකයන් ගාස්තු කාණ්ඩ දෙකක් යටතේ පමණක් වෙන්කර ඇති බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සංනිවේදන අධ්‍යක්‍ෂ ජයනාත් හේරත් මහතා පැවසීය.

‘ලෙකෝ’ විදුලි පාරිභෝගිකයන් ඒකක 0-90 ත් අතර සහ ඒකක 90 වැනි කාණ්ඩ ලෙස වෙන් කරන බව කී ජයනාත් හේරත් මහතා ඒ සඳහා වන ප්‍රතිසංස්කරණ මේ වන විට ක්‍රියාත්මක බව ද සඳහන් කළේය.

මෙම පෙර ගෙවුම් ක්‍රමය දුකරථනවලට මුදල් ඇතුළත් කරන ආකාරයට සමාන බව ද ජයනාත් මහතා වැඩි දුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *