ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධානවලට මෙහි ක්‍රියාත්මක වීමට අපි ඉඩ දෙන්නේ නැහැ – ඇමැති ටිරාන්

සියලුම රාජ්‍ය නොවන සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කිරීමට රජය පියවර ගෙන ඇති බවත් ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධාන තහනම් කිරීමට කටයුතු කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

‘ස්ථාවර දේශයකට සාමූහික මාවතක්’ යන තේමාව යටතේ ඊයේ (28) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය අලස් මහතා මේ බව පැවසීය. ජන ජීවිතයට සිදුවන බාධාවන් නැවැත්වීමට වගකිවයුතු රජයක් ලෙස අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ඔහු පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පාතාලය මර්දනය කිරීමේ වැඩපිළිවෙල මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *