ලැබිය යුතු කාටත් අස්වැසුම දෙනවා – ජනාධිපති රනිල්

අස්වැසුම හිමි විය යුතු සියලු දෙනාට කඩිනමින් එම සහනය ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ආර්ථික වශයෙන් කඩා වැටුණු රටේ ජනතාව ජීවත් කරවීම සඳහා “අස්වැසුම” සහ “උරුමය” වැඩසටහන් මඟින් විශාල කාර්යභාරයක් සිදු කරමින් තිබෙන බවද ජනාධිපතිවරයා කීය.

“අස්වැසුම” සහ “උරුමය” වැඩසටහන නිවැරදිව ජනතාව අතරට ගෙන යාම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සහාය අවශ්‍ය බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි “අස්වැසුම” වැඩසටහන ක්‍රියාත්මකවීම පිළිබඳ සොයා බැලීමේ හමුවකට මාතලේ, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී  සහභාගී වෙමිනි.

රජයේ එම වැඩපිළිවෙළ වෙනුවෙන් කොන්දේසි විරහිතව සහාය ලබාදෙන බවට විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලු ග්‍රාම නිලධාරීහු ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *