ලාෆ් ගෑස් මිල ඉහළට

‘ලාෆ්’ ගෑස් සමාගම අප්‍රේල් මස සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් ඉහළ දමන බව එම සමාගම  පැවසීය.

‘ලාෆ්’ කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 168 ඉහළ දැමූ බවත් ලාෆ් ගෑස් නව මිල අද මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් එම සමාගම කීය.

එම මිල ඉහළදැමීමත් සමඟ ‘ලාෆ්’ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100 ක් සහ කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645 ක් දක්වා ඉහළ ගිය බවත් එම සමාගම වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *