යුධ සමයේදී ද සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වගකිවයුත්තන්ට දඬුවම් නොකිරීම සම්බන්ධයෙන් සමාජ සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා අනුප්‍රාප්තික රජයන්ට දැඩි දෝෂාරෝපණයක් එල්ල කර තිබේ.
වික්‍රමතුංග මහතා 2009 ජනවාරි 08 වැනිදා කොළඹදී ඝාතනය විය. හිටපු කථානායක ජයසූරිය මහතා වික්‍රමතුංග මහතාගේ 15 වැනි ගුණ සමරුව නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් වික්‍රමසිංහ-රාජපක්‍ෂ ආණ්‌ඩුවට පරීක්‍ෂණ නැවත ආරම්භ කරන ලෙස බලකර ඇත.
සාහසික අපරාධය කළවුන් නීතිය හමුවට නොපැමිණියේ මන්දැයි පැහැදිලි කිරීමට අදාළ බලධාරීන්ට ණයගැති බව එක් යුගයක එජාප නියෝජ්‍ය නායකයා පැවසීය.
වික්‍රමතුංග ඝාතනය කළේ අධි ආරක්ෂිත කලාපයක් තුළ බව ජයසූරිය සිහිපත් කළේය. වික්‍රමතුංග ඝාතන විමර්ශනය ඉතා කණගාටුදායක ලෙස හසුරුවා ගැනීමෙන් පෙනී යන්නේ රට ආර්ථික වශයෙන් පමණක් බංකොලොත් වී නොමැති බව බව හිටපු කථානායකවරයා පැවසීය.