ලලිත් – තිලක් සජබට සහය දෙති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ලලිත් එල්ලාවල සහ වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මහත්වරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට සහයෝගය දක්වන බව මීට සුළු මොහොතකට පෙර පැවසූහ.

ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සන්ධානය නියෝජනය කරන තමන් ද  සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දක්වන බවත් ඉදිරි ජනාධිපතිවරණයේදී ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවත් ඔවුහු පැවසූහ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 ම හොරු නොවන බව කී ලලිත් එල්ලාවල මහතා පැවසුවේ ‘හොරු නොවන අපි’ ලෙස නව සන්ධානයක්ද ආරම්භ කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *