ලයිට් කැපිල්ල නවත්වන දවසක් හරියට කියන්න බෑ – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

විදුලි කප්පාදුව නතර කරන දිනයක් ගැන නිශ්චිතව කිව නොහැකි යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ජාතික විදුලි පද්ධතියේ ඇති වූ අසමතුලිත තත්ත්වයක් හේතුවෙන් මෙම හදිසි විදුලි බිඳ වැටීම සිදුව ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වී යැයිද අමාත්‍යවරයා කීය.

මුළු රටේම එකවර විදුලිය විසන්ධි වීම රටේ ආර්ථිකයට බලවත් හානියක් වන හෙයින් මින්පසු එවැන්නක් නොවීමට ස්ථිරසාර පියවරක් රජය ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමින් නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *