ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ විකාශන කටයුතු වැඩිදියුණු කර පවත්වා ගෙන යාමට ලබන අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙරට ප්‍රථම රූපවාහිනී නාලිකාව ලෙස ආරම්භ වූ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය 100%ක් කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතු සමාගමක් ලෙස ක්‍රියාත්මක වේ.
කෙසේ වුවද, වසර ගණනාවක් පැරණි පරිගණක උපාංග හා යල්පැන ගිය මෘදුකාංග භාවිත කරමින් වැඩසටහන් නිෂ්පාදනය කිරීමට සිදු වීම හේතුවෙන් ක්ෂේත්‍රයේ තරගකාරීව කටයුතු කරමින් ගුණාත්මක බවින් ඉහළ, ආකර්ෂණීය වැඩසටහන් විකාශය කිරීම ගැටලු සහගත වී තිබේ.
එබැවින්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගෙන, ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහළ නංවා ගැනීමට සහ විකාශන කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට හැකි වන පරිදි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සඳහා අත්‍යවශ්‍ය උපකරණ කිහිපයක් සපයා ගැනීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමුඛතා පදනම මත 2026 අයවැය මඟින් වෙන් කර දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.