ලංකා සිසුන්ට සිංගප්පූරු උපාධි ගන්න ගිවිසුමක්

උසස් අධ්‍යාපන සහයෝගීතාවන් උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලාංකීය උපාධිධාරී සිසුන් සඳහා පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව අවස්ථා ලබා ගැනීම ඇතුළු උසස් අධ්‍යාපනික සහයෝගීතාවන් ඇති කර ගැනීම උදෙසා, ගෝලීය විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතර ප්‍රමුඛ ස්ථානයක පසුවන සිංගප්පූරු ජනරජයේ සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය හා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා කර තිබේ.

යෝජිත අවබෝධතා ගිවිසුමට එළඹීම මඟින් ශ්‍රී ලාංකීය සිසුන්ට සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි ඇතුළුව පශ්චාත් උපාධි හැදෑරීමටත්, ධාරිතා සංවර්ධන වැඩසටහන් සඳහා සහභාගි වීමටත්, ඒකාබද්ධ පර්යේෂණ සිදු කිරීමටත් අවස්ථාව හිමි වනු ඇත. එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *