ලංකා වෛද්‍ය විද්‍යාල සභාවේ Ceylon Medical College Council – (CMCC) නව ලේඛකාධිකාරී තනතුරට මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය පත් කර තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මෙම පත් කිරීම කර ඇත.
ඊට අදාළ පත්වීම් ලිපිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ප්‍රදානය කෙරිණි.
වෛද්‍ය ආඥා පනතේ විධිවිධාන වලට යටත්ව මෙම පත්වීම සිදුකර ඇත.
ජෙනිෆර් පෙරේරා මහත්මිය දශක හතරකට අධික කාලයක් කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙනුවෙන් අපිරිමිත සේවාවක් සිදුකළ මහාචාර්යවරියකි. 2015 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනිය ලෙස කටයුතු කළ ඇය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙස ද සේවය කර ඇත.