ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දත්ත විශ්ලේෂක ජී. ටී. නිරෝෂන්ට ද කොවිඩ් ආසාදනය වී ඇතැයි ශ්‍රී ලංකා ආයතනය පවසයි.
ඔහු පසුගියදා නිමාවට පත්වූ ශ්‍රී ලංකා එංගලන්ත එක්දින සහ 20/20 තරඟාවලි සඳහා ද එක්විණි.
එංගලන්තයේ සිට පැමිණීමෙන් අනතුරුව සංචාරයට එක්වූ සියලුදෙනාව ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබුණි.
එහිදී සියලුදෙනා ආසාදිත නොවන බවට පරීක්ෂණ වාර්තා වල සටහන් ව ඇති අතර නමුත් ඊට දින කිහිපයකට පසුව පිතිකරණ පුහුණුකරු රෝග ලක්ෂණ පෙන්වීම නිසා ඔහුට දෙවැනි PCR පරීක්ෂණයක් සිදුකර තිබේ.
එහි ප්‍රතිඵල වාර්තාව ඊයේ නිකුත්වී ඇති අතර ඒ අනුව ග්‍රාන්ට් ෆ්ලවර් ආසාදිත බවට තහවුරු වී තිබුණි. ඔහු මෙරටදී ලබාදුන් කොවිඩ් එන්නත ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
ඉන් අනතුරුව එංගලන්ත සංචාරයට එක්වූ අනෙක් පිරිස නැවත වරක් PCR පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර එහිදී කණ්ඩායමේ දත්ත විශ්ලේෂක ජී. ටී. නිරෝෂන් ද ආසාදිතයෙක් බවට හඳුනාගෙන තිබේ.
එංගලන්ත සංචාරය නිමවා ශ්‍රී ලංකා කණ්ඩායම නැවත පැමිණියේ පසුගිය 6 වනදාය. ඔවුන් ඉන් අනතුරුව නිරෝධායනයට යොමු කෙරිණි.
එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග තරඟවලට එක්වූ එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙක් කොවිඩ් ආසාදිත බවට පසුගියදා තහවුරු විය.
එංගලන්ත – ශ්‍රී ලංකා තෙවැනි එක්දින තරඟයෙන් අනතුරුව කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩල එකට ගැවසී ඇති බවද වාර්තා වේ.
ඒ අනුව එංගලන්ත – පාකිස්තාන තරඟාවලිය සඳහා නවක කණ්ඩායමක් නම් කිරීමට එංගලන්ත ක්‍රිකට් බලධාරීන් පියවර ගත්තේය.
මේ වනවිට ශිකර් ධවාන් ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායමක් මෙරටට පැමිණ සිටින අතර ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්දින ජාත්‍යන්තර තරඟ 3කට සහ 20/20 ජාත්‍යන්තර තරඟ 3ක් සහභාගී වීමට නියමිතය.
පවතින තත්ත්වය මත මෙම තරඟවලට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීම සම්බන්ධයෙන් අවිනිශ්චිත වටපිටාවක් මතුව ඇති බව වාර්තා වේ.