මේ වන විට ලංකා ආර්ථිකය ඉතා හොඳ ස්ථාවර තැනකට පැමිණ තිබෙන බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. “ආර්ථිකය ගොඩ නගන්න අවශ්‍ය කරන තල්ලුව ගැනීම සඳහා වාහන ආනයනයෙන් ලැබෙන ආදායම යොදා ගන්නවා.
මේ ගත් තීරණය ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බව සියලු දර්ශක වලින් අපට තේරුම් යනවා. වාහන ආනයනය නිසා සංචිත ද ආරක්ෂා කර ගනිමින් රාජ්‍ය ආදායම බලාපොරොත්තු වූ ලෙස ඉහළ ගොස් තිබෙනවා.
මේ වන විට රටේ ආර්ථිකය ඉතා හොඳ ස්ථාවර තැනකට පැමිණ තිබෙනවා. මෙය ආරම්භය පමණයි. ආර්ථික වර්ධන වේගය ඉදිරියට වැඩි අගයක පවත්වාගෙන යාමට අප අදහස් කරනවා” යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.