වසර දහතුනකට පසුව අගෝස්තු මාසයේදී අලි සංගණනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුවේ අලි සංරක්ෂණ අංශය පවසයි.
ඒ අනුව අගෝස්තු 19 වනදා සහ 20 වනදා මෙම සංගණනය සිදු කිරීමට සැලසුම් කර ඇති බවද එහි ප්රකාශකයකු පැවසීය.
ඒ අනුව දිවයින පුරා දිය මංකඩ 2500 ක් ඉලක්ක කරමින් මෙම වනඅලි සංගණනය සිදු කරන බවද ඔහු සඳහන් කළේය.
මේ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර තිබෙන බහු කාර්ය සංවර්ධන නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් හත්දාස් පන්සීයක පමණ පිරිසක් යොදවන බවත් ඔහු කීවේය.
සෑම වසර දහයකට වරක් අලි සංගණනයක් සිදු කරන අතර අවසන් වරට එය සිදු කරනු ලැබුවේ පසුගිය 2011 වසරේදී.
අවසන් වරට සිදුකරනු ලැබූ අලි සංගණනයේදී අලි 5800 ක පමණ සිටින බව වාර්තා විය.