ලංකාව අතහැර ගිය ආයෝජකයන් රැසක් රජයේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය නිසා නැවත පැමිණීමට කැමැත්ත පළ කොට ඇතැයි මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
“රාජ්‍ය ආදායමට ලොකු කොටසක් සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරනවා.අප රටේ පැවති ගැටලු නිසා සංචාරකයන් මෙන්ම ආයෝජකයන් මෙරටට ආවේ නැහැ.කලාපයේ තිබෙන අනෙක් රටවල් සමගත් අප තරග වැදී සංචාරක ආකර්ෂණය ළඟා කර ගත යුතුයි. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කටයුතු සඳහා ජපානයේ ජයිකා ආයතනය සහාය දීමට එකඟ වී සිටියා.නමුත් එවකට සිදු වූ වංචා දූෂණ නිසා එම ව්‍යාපෘතිය සාර්ථක වුණේ නැහැ.වත්මන් රජය බලයට පත්වූ පසුව එම ව්‍යාපෘතිය නැවත ඇරැඹීමට එකඟ වී තිබෙනවා මේ යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.