රෝහලක් යනු ඇඳක්, ඖෂධයක්, එන්නතක්, කාර්ය මණ්ඩල සේවාවක් පමණක් නොව රෝගියාට මානසික නිදහසක් ලබාදිය යුතු ස්ථානයක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ අගලවත්ත පිඹූර රෝහලේ රෝගී ප්‍රතිකාර සේවාවන් පිළිබඳ ව සොයා බැලීමෙන් අනතුරුව නිලධාරීන් සහ රෝහල් කමිටු සාමාජිකයින් සමග පැවැති සාකච්ඡාවක දීය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා සෑම රෝහලක් ම සංවර්ධනය කිරීමේ දී භූමියෙන් උපරිම ප්‍රයෝජන ලබාගෙන, පරිසරයේ අලංකාරය ද ආරක්ෂා කරමින්, ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂතා ද මතු කරමින් රෝගියාට මානසික සුවය ලබා දෙන ස්ථානයක් බවට රෝහල් පද්ධතිය දියූණු කිරිමට සැලසුම් සකස් කරන බව පැවසී ය.
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවා සැපයීමේ දී වැදගත් ම අංශයන් වන ද්විතීයික හා තෘතීයික රෝහල් 130 කින් යුත් සේවා පද්ධතියට අවශ්‍යකරණ, පහසුකම් ලබාදීමට මූලිකත්වය ගෙන කටයුතු කරන බව ද මෙහි දී පැවසූ අමාත්‍යවරයා මෙම රෝහල් පද්ධතිය තුළ මෙරට සම්පූර්ණ රෝහල් පද්ධතිය තුළ වන ඇඳන් සංඛ්‍යාවෙන් සියයට 75 ක් ඇතුළත් වන බව ද සදහන් කළේ ය.