නිරෝධායන ඇඳිරිනීති ක්‍රියාත්මක, ගත වූ සතියක කාලසීමාව තුළ රුපියල් බිලියන 46.43 වටිනා අපනයන ශ්‍රී ලංකා රේගුව විසින් අනුමත කර තිබේ.
එහි මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පැවසුවේ තම සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යමින් අගෝස්තු 28 වන දා සිට සැප්තැම්බර් 3 වන දා දක්වා වූ සතියක කාලයක් තුළ එම අනුමත කිරීම් කර ඇති බවය.
වැඩිදුරටත් අදහස් දැක්වූ සුදත්ත සිල්වා මහතා,
“නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක පසුගිය සතිය තුළ දී ශ්‍රී ලංකා රේගුව තම සේවාන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සමත්වී තිබෙනවා. ඒ අනුව අගෝස්තු 28 වන දිනයෙන් ආරම්භ වී සැප්තැම්බර් 3 වන දිනයෙන් අවසන් වූ පසුගිය සතියක තුළ රුපියල් බිලියන 46.43 වටිනා අපනයන ශ්‍රී ලංකා රේගුව විසින් අනුමත කර තිබෙනවා. මීට අමතරව ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් බිලියන 9.34ක් ආනයන බදු වශයෙන් එකතුකර තිබෙනවා. මෙරට දැනට පවතින වසංගත තත්ත්වය මගින් ශ්‍රී ලංකා රේගුවේ නිලධාරින් හට සැලකිය යුතු බලපෑමක් කර ඇතත් රටේ අර්ථික ස්ථායිතාවය ආරක්ෂාකර ගැනීමේ අරමුණෙන් සෞඛ්‍ය උපදෙස් දැඩි ලෙස අනුගමනය කරමින් රේගු සේවාවන් සාමාන්‍යපරිදි පවත්වාගෙන යාමට සියලු රේගු නිලධාරීන් විසින් කටයුතු කරනවා. “