යුක්රේනයේ මෑතක සිට උත්සන්න වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ශ්‍රී ලංකා රජය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ උපරිම සංයමයකින් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාව අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි.
කලාපයේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා, එදිරිවාදිකම් වහා නැවැත්වීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රජය අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.
රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් සහ අවංක සංවාදයකින් අර්බුදය විසඳීමට අදාළ සියලු පාර්ශ්වයන්ගේ සාමූහික ප්‍රයත්නවල අවශ්‍යතාවය ශ්‍රී ලංකාව අවධාරණය කරන බව අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.