රුසියාවට කුලි හේවායන් යැවූ අඹුසැමි යුවළක් මාට්ටු

රුසියන් හමුදා සඳහා මුදලට කුලී හමුදා යොමුකර මිනිස් වෙළඳාම සිදු කළ බව කියන හිටපු යුද හමුදා මේජර්වවරයකු සහ විදුලිබල මණ්ඩලයේ ලිපිකාරිනියක අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය කියයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මේ වන විට බොරැල්ල විදුලි බල මණ්ඩලයට අනුයුක්තව සේවය කරන ලිපිකාරිනියකි.

මේ වනවිට පතල් කර්මාන්තයේ යෙදෙන සැකකරු පොළොන්නරුව පැරකුම් උයන , ගනේමුල්ල කැන්දලියද්ද පාළුව  ,කිරිබත්ගොඩ දෙවන පටුමග මායාමාවත හා කඩවත පහළ කර ගහමුල ප්‍රදේශයේ ලිපිනයන් දෙකක පදිංචිව සිට ඇති බව පොලිසිය විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය කිරිබත්ගොඩ මායාමාවත තාවකාලිකව පදිංචිව සිටින තැනැත්තියකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *