රිලා ඇමති රිලා සංගණනයට ලක්ෂ සීයකට වැඩිය වියදම් කළා. ඒකට නඩු දාන්න ඕන.තාම රිලව් ගානක් කිව්වෙත් නෑ. ප්රතිඵලයක් නෑ.මේ රජයේ සල්ලි.මේකට නඩු දාලා රිලා ඇමතිට අවුරුදු 40ක දඬුවමක් දෙන්න ඕන යැයි බදුල්ල දිස්ත්රික් මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
“අත ගහන ගහන වැඩේ ෆේල් වෙලා.අල්ලස් කොමිසම අල්ලගෙන අද ආණ්ඩු කරනවා.උදේට කොහෙන් හරි එකෙක් ගෙනත් මැගසින් දානවා. හැමදාම ඔය සෙල්ලම කරන්න බෑ. කූඨ ලේඛන හදපු මේ කතානායකටත් ජම්පර අන්දන්න පුළුවන්. කෝ එයාගේ ජපානේ කොලේ ආවද? ජනාධිපතිතුමා වැදගත් විදිහට වැඩ කරනකොට ගෝලයෝ ටික වෙන විදිහකට වැඩ.අද ඔයාලට ඡන්දයක් හරි හම්බවෙන්නේ ජනාධිපතිතුමා නිසා” යනුවෙන්ද මන්ත්රීවරයා කීය.