රැස්වීමට නාවාට සුරාබදු ලොක්කාට දොස් කියලා

රජයේ බදු ආදායම වැඩිකර ගැනීමේ බදු ශක්ති වැඩසටහනට සමගාමීව පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ප්‍රසිද්ධ වේදිකාවේ බැණ වැදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ සහ සුරා බදු දෙපාර්තමේන්තුවේ දැඩි අවධානය යොමු වී තිබේ.

බදු ශක්ති සතියට සමගාමීව සුරාබදු ඉහළ නැංවීම සඳහා උපදෙස් ලබාදීමේ අරමුණින් රට පුරා මත්පැන් සිල්ලරට අලෙවි කරන්නන් සඳහා කැඳවා තිබූ එම රැස්වීමට ආරාධිතයකු ලෙස නොපැමිණීම නිසා මත්පැන් බලපත් හිමියන්ගේ සංගමයේ නිලධාරින් ඔවුන්ගේ දේශන අතරතුර සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ප්‍රසිද්ධියේ බැණ වැදී තිබිණ.

දිවයිනේ ප්‍රමුඛතම මත්පැන් නිෂ්පාදන ආයතනයක අනුග්‍රහයෙන් මීගමුවේ සුපිරි හෝටලයකදී  එම රැස්වීම කැඳවා තිබූ අතර ඊට රට පුරා මත්පැන් අලෙවිකරුවන් විශාල පිරිසක් සහභාගී වී සිට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *