රාත්‍රි 10 සිට අලුයම 04.00 දක්වා ඇදිරිනීති දැමීමට හේතුව සාද වලින් බෝවීම නැවැත්වීමට බව අජිත් නිවාඩ් කබ්රාල් පවසයි

පවතින කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් රජය අද සිට සෑම දිනකදීම රාත්‍රි 10 සිට අලුයම 04.00 දක්වා දිවයිනම නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කළේය.

එලෙස රාත්‍රී කාලයේ නිරෝධායන ඇඳිනිනීතිය පැනවීමට හේතුව සම්බන්ධයෙන් මුදල් ප්‍රාග්ධන, වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් විමසා සිටි අතර එහිදී ඔහු ලබාදුන්නේ මෙවන් පිළිතුරකි,

“විවිධ තැන්වලදී හොයාගෙන තියෙනවා සාද පවත්වලා ඒ තුළිනුත් මේ ප්‍රභේදය දිගින් දිගට ගිහිල්ලා තියෙනවා කියලා. ඒක තමයි එතන තියෙන තර්කය. ඒක දාලා තියෙන්නේ රාත්‍රී කාලයේදී විනෝදවෙලා ඒකරාශී වෙන්නේ නැතුව තමන්ගේ නිවෙස්වලට ගිහින් ආරක්ෂා සහිතව ඉන්න ඕනේ නිසා. ඒකට උත්තරයක් හැටියට තමයි මේක දාලා තියෙන්නේ. මේ කාලයේදී අපි පරෙස්සම් වෙන්න ඕනේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *