රාජිත අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී  රජයට පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම  පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම මෙසේ පැවසීය.

ධීවර වරාය නීතිගතව සංස්ථාවට ඉදිරිපත්කළ වැලි කැනීමේ ව්‍යාපෘතියක් නීති විරෝධීව විදේශීය සමාගමකට   භාරදී රජයට රුපියල් ලක්ෂ 263 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය  උපාලි ලියනගේ සැකකරු රුපියල් මිලියන පහ බගින් වූ ශරීර ඇප තුනක් යටතේ මුදා හැරීමට නියෝග කළාය.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළාය.

ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවට ද නියෝග කළාය.

විමර්ශන ප්‍රගතිය සැප්තැම්බර් 26 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද අල්ලස් කොමිසමට නියෝග කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *