රාජාංගනය-අංගමුව වාන් දොරටු විවෘත කරයි

පසුගිය දින කිහිපයේ රජරට ප්‍රදේශයට ඇද හැලුණ අධික වැස්සෙන් රාජාංගණය ජලාශයේ වාන් දොරටු හතරක් සහ අංගමුව ජලාශයේ ගේට්ටු දෙකක් විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාප අධ්‍යක්ෂ ඉංජිනේරු ජයන්ත ඩී සිල්වා මහතා පැවසිය.

රාජාංගණය ජලාශයේ අඩි 02 බැගින් ගේට්ටු හතරක් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝණ අඩි 2,400 ක් පිටවන අතර අංගමුව ජලාශයේ අඩි 03 බැගින් ගේට්ටු දෙකක් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ජලය ඝණ අඩි 1,800 ක් පිටවේ.

මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයෙ පිහිටි මධ්‍යම ප්‍රමාණයේ වැව් රැසක්ද ජලයෙන් පිරි ඉතිරි පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *