රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා හොයන්න කමිටුවක්

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතාවයන් සම්බන්ධයෙන් එකී සේවක කණ්ඩායම් හා අදාල වෘත්තිය සමිති විසින් වරින් වර ඉදිරිපත් කරනු ලැබ ඇති නියෝජනයන් සැලකිල්ලට ගෙන එකී වැටුප් විෂමතාවයන් පිළිබඳව කරුණු අධ්‍යයනය කර 2025 වර්ෂය සඳහා වන අයවැය මගින් මෙම විෂමතා නිවැරදි කිරීමට හැකිවන පරිදි වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *