රාජ්ය සේවයේ “මැද ලේයර් එක” හිස් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී පැවසීය.
රාජ්ය සේවයේ පහළ තනතුරු විශාල වශයෙන් පුරවා තිබුණත් ඉංජිනේරුවන් කළමනාකරුවන් ආදී තනතුරු වල දැඩි හිඟයක් ඇති බව කී ජනාධිපතිවරයා මේ නිසා රාජ්ය සේවය විශාල ප්රශ්නයකට මුහුණ දී තිබෙන්නේ යැයි කීය.
ගොඩ නගන ලද හැම රටකම රාජ්ය සේවයට විශාල කාර්යභාරයක් පැවරී තිබෙන බව කී ජනාධිපතිවරයා දේශපාලන අධිකාරියෙන් වෙන් කරන මුදල් ගමට ගෙන යා යුත්තේ රාජ්ය සේවකයන් විසින් බව සඳහන් කළේය.
රාජ්ය සේවයේ මැද ලේයර් එක පිරවීම සඳහා පුරප්පාඩු තිස්දහසක් බඳවා ගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා කීය.
රාජ්ය සේවයේ නියැලෙන අය රටත් ජනතාවක් වෙනුවෙන් කාර්යභාරයක් කළ යුතුව තිබෙන්නේ යැයිද ජනාධිපතිවරයා පැවසීය. මහනුවර පැවැති ජනරැළියක් අමතමින් ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව කීය.