“රාජ්‍ය සේවක වැඩ ගැන සමීක්ෂණයක් අවශ්‍යයි” – මන්ත්‍රී ජගත් කුමාර

දූෂණ වංචා අවම කිරීම වෙනුවෙන් තාක්ෂණය සහ මාර්ගස්ථ ක්‍රම මඟින් ගනුදෙනු සිදු කරන සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා පැවසීය.

වැටුප් වැඩි කිරීම ඇතුළු විවිධ ඉල්ලීම් සිදුකරන රාජ්‍ය සේවකයන් තම යුතුකම ද නිසි ලෙස ජනතාවට ඉටුකළ යුතු බවත් දේශපාලන තන්ත්‍රය මඟින් සිදු කළ හැකි වන්නේ ප්‍රතිපත්ති සම්පාදනය පමණක් බවත් සුමිත්‍රආරච්චි මහතා කීය.

ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා මේ බව කීවෙි  ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන්  ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

රාජ්‍ය සේවකයන්ගේ කාර්ය භාර්ය පිළිබඳව යම් සමීක්ෂණයක් සිදු කිරීම ද අවශ්‍යව පවතින බව ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *