රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලයට 2023 වසර සඳහා ප්‍රසාද දීමනා ගෙවිය යුතු බව රජය නිවේදනය කරයි.
නමුත් කොන්දේසි වනුයේ අදාළ ආයතනය 2022 මූල්‍ය වර්ෂය තුළ ලාභ උපයා ඇත්නම් සහ බදු ගෙවීමෙන් පසු ලාභයෙන් අවම වශයෙන් 30%ක් ඒකාබද්ධ අරමුදලට ලාභාංශ ලෙස ගෙවා ඇත්නම් පමණි.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කළේය.
මෙම ආයතන 2022 මූල්‍ය වර්ෂය තුළ ලාභ උපයා ඇති නමුත් බදු ගෙවීමෙන් පසු ලාභයෙන් අවම වශයෙන් 30%ක් ඒකාබද්ධ අරමුදලට ලාභාංශ ලෙස ගෙවා නොමැති නම් හෝ 2022 මූල්‍ය වර්ෂය තුළ පාඩුවක් වාර්තා කර ඇත්නම් ඔවුන්ට ආයතනයේ ලාභදායීතාවය මත පදනම්ව ප්‍රසාද දීමනාවක් හිමි නොවන බව ඔහු පැවසීය.