කල්පිටිය විවිධ සේවා සමුපකාර සමිතියෙ සාමාන්‍යාධිකාරිවරිගේ රාජකාරියට බාධා කරමින් කලහාකාරි ලෙස හැසිරුණු කල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු අත්අඩංගුවටගත් බව නොරොච්චෝල පොලීසිය කියයි.
මෙලෙස ඇත්තේ කල්පිටිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ සභාපති ධුරය දෑරු අයෙකී. ඔහු මේ වන විට කල්පිටිය ප්‍රාදේශීය සභාවට සමගි ජන බලවේගය පක්ෂ යටතේ තරග වැදි සිටි ප්‍රාදේශීය දේශපාලනඥයෙකි .
කල්පිටිය විවිධ සේවා සමුපකාරයට අයත් භුමියක් බදු ක්‍රමයට ලබා ගත් පුද්ගලයකු එම භුමියෙ අදලා බදු කොන්දෙසි උල්ලංඝණය කරමින් වසර ගනනාවක සිට දැවැන්ත ගොඩනැගිල්ලක් ඉදි කර පවත්වාගෙන යාම සම්බන්ධව සොයා බැලිමට නොරෝච්චෝල පොලිස්ථානයෙ පොලිස් නිළධාරීන් දෙදෙනෙකු සමඟ ඊයේ අදාල ස්ථානයට ගිය කල්පිටිය විවිධ සේවා සමුපකාරයෙ සාමාන්‍යාධීකාරීනිය සිටි ස්ථානයට කඩා වැදුණ හිටපු සභාපතිවරයා ඇගේ රාජකාරියට බාධා කරමින් එම ස්ථානයෙන් පිටත්ව යන ලෙසට තර්ජනය කිරීමේ සිද්දියට මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.