රසායනික පොහොර සහනාධාරය නැවතත් ලබාදීමට පියවර…

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ප්‍රවෘත්ති නිවේදනයයි.

වර්තමාන රජයේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය යටතේ මෙතෙක් ශ්‍රී ලාංකීය ගොවි ජනතාව වෙත කාබනික පොහොර ලබා දීමේදී සම්පූර්ණ වශයෙන් සහනාධාර මත ලබා දෙන ලදී.

එසේ වුවත් ගොවි ජනතාවගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් කෙරෙහි අතිගරු ජනාධිපතිතුමාගේ දැඩි අවධානය යොමු වීමෙන් පසුව ගොවීන් විසින් මිලදී ගනු ලබන රසායනික පොහොර සඳහා ද සහනාධාර මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇත.

ගොවීන් විසින් රසායනික පොහොර මිලදී ගනු ලබන බිල්පත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම සහනාධාරය ගෙවීම සිදු කිරීමට නියමිතව ඇත.

ඩී.එම්.එල්. බණ්ඩාරනායක
ලේකම්
කෘෂිකර්ම අමාත්‍යාංශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *