රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එජාප හමුවකදී සම්මත කර ගැනුණි.

එක්සත් ජාතික පක්ෂයේ ගාලු දිස්ත්‍රික් නායක එජාප සභාපති වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී මෙම පාක්ෂික හමුව පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමන් මාර්ගය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණු බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *