රනිල් දිනවන්න ගම්පහින් ඒකාබද්ධ සැලසුමක්

එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති බවට පත් කිරීම සඳහා ගම්පහ ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකසා තිබේ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී මෙම ඒකාබද්ධ වැඩපිළිවෙල සකස් කර ඇත.

ගෙන්ගෙට යාම්, ඡන්ද පොළ නියෝජිතයන් පත් කිරීම, කුඩා ජන හමු මෙන්ම, ඩිජිටල් තාක්ෂණය උපයෝග කර ගනිමින් සිදු කරන මැතිවරණ මෙහෙයුම් කටයුතු ඒකාබද්ධව සිදු කිරීමට මෙහිදී සියලු පක්ෂ වලින් සමන්විත ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක්ද පත් කළ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *