රනිල් කැඳවූ සාකච්ඡාවට සජබ නියෝජිතයොත් ගිහින්

රට අඳුරෙන් අඳුරට යන මොහොතේ අතීත කෝන්තර අදාලම නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවෙන් අනතුරුව කොළඹදී පැවසීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම හමුව කැඳවා තිබිණි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂයේ පක්ෂ නායකයන් අතර හමුව ඉතා සාර්ථක බවද ගම්මන්පිල මහතා සඳහන් කළේය.

සමගි ජනබලවේගය නියෝජනය කරමින්  මනෝ ගනේෂන් සහ පී. දිගාම්බරම් යන මන්ත්‍රීවරු ද  හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, කංචන විජේසේකර, සාගල රත්නායක, වජිර අබේවර්ධන මහත්වරු ඇතුළු පක්ෂ නායකයෝ මෙම හමුවට සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *