රනිල් කජු කෑවා වගේ මිනිස්සු ලුණු කන්නේ නැතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
“අද කතා කරන්නේ වාහන ආනයනය ගැන.නමුත් විපක්ෂය ලුණු ආනයනය ගැන කතා කරන්න පටන් අරගෙන.හොයලා බලනකොට පවතින දේට වැඩි දෙයක් විපක්ෂය සහ මාධ්‍ය කීපයක් විසින් මතු කර පෙන්වනවා.අප ඉදිරිපත් කර තිබෙන වාහන ආනයන ගැසට් නිවේදන ගැන විපක්ෂයට කිසිම විරෝධයක් නෑ .
ලුණු ප්රශ්නය පැන නැගුණේ දෙසැම්බර් මාසයේ සිට .ලුණු හදනවා කියන්නේ ස්වභාවික ක්‍රියාවලියක්.එහෙම නැතුව මාලිමා ආණ්ඩුව ආපු නිසා ලුණු නැති වුනා නෙමෙයි.අව්ව සුළඟ යන දෙකම හරියට තියෙන්න ඕන.සාමාන්‍යයෙන් ලුණු හැදෙන්න මාස හතක් යනවා.ඒ වගේම ස්වභාවික තත්වයන්ද යහපත් විය යුතුයි.දෙසැම්බර් මාසෙදිම ලුණු ගේන්න තීරණය කළේ ඒක නිසා තමයි යනුවෙන්ද අමාත්‍යවරයා කීය.