පළාත් සභා මැතිවරණ පනත සංශෝධන පනත් කෙටුම්පත විවාදයකින් තොරව සම්මත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය කඩාකප්පල් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් රාජපක්ෂ ප්‍රකාශ කළේ මෙය තමන්ගේ දේශපාලන හේතූන් මත රනිල් සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය යන දෙපාර්ශවයටම අහිමි වූ ස්වර්ණමය අවස්ථාවක් බවයි.
“පළාත් සභා මැතිවරණ තියන්න රනිල්ට සහ දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය නැති බව මේකෙන් හොඳටම පේනවා. සෑම අදියරකදීම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ඔවුන් ඉහළ කතා කළද, ඔවුන්ගේ ක්‍රියාදාමය වෙනස් න්‍යාය පත්‍රයක් හෙළි කරයි. මම කතා කරලා ඇත්ත කිව්වම මට දුෂ්ටයා කියලා ලේබලයක් ගහනවා. ඒත් දැන් මිනිස්සුන්ට පේනවා ඇත්ත දුෂ්ටයෝ කවුද කියලා” නාමල් කීවේය.
“රනිල්ගෙයි මගෙයි වෙනස පැහැදිලියි. මම දෙමළ ජනතාවට ඇත්ත කියනවා, රනිල් සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය එහෙම කරන්නේ නැහැ. ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය යළිත් වරක් තම ජනතාව අසාර්ථක කර ඇති අතර රනිල් යළිත් වරක් දෙමළ ජනතාව ගොනාට අන්දවා තිබේ.