රනිල් අනුරාධපුයෙන් ජනපති සටන අරඹයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (17) අනුරාධපුරයේ දී මංගල රැළිය පවත්වමින් ජනපති සටන අරඹයි.

ජනාධිපතිවරයාගේ මංගල ජන රැළිය අනුරාධපුර සල්ගාදු පිටියේදී සෙනසුරාදා පස්වරු 2 ට පැවැත්වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට බාර ගැනීමෙන් පසු දේශපාලන වශයෙන් සෘජුවම පවත්වන පළමු ජන රැළිය මෙය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ බහුතර පක්ෂ සංඛ්‍යාවක ජනතා නියෝජිතයන් මෙන්ම  ජනතාව එකට එක්ව ජනාධිපති අපේක්ෂකයකු වෙනුවෙන් මහජන රැළියක් පවත්වන පළමු අවස්ථාව ලෙස අනුරාධපුර  ජන රැලිය  ඉතිහාසයට එක්වන බවද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුර මංගල රැලියට සහභාගී  වීමට නියමිත බව ද ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *