රත්ගම ගම් කිහිපයකටම ඡන්දය අහිමි කිරීමේ වරද කාගෙද?

රත්ගම ආසනයේ මාදම්පා මධ්‍ය විදුහලේ පවත්වාගෙන ගිය ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය   ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔවුනට ඡන්දය නොදමා ආපසු යාමට සිදුවූහ.

අම්බලන්ගොඩ මාදම්පාගම සහ ඒ අවට ගාම නිලධාරීවසම් කිහිපයක ජන්දදායකයන් රැසකටම මේ අකටයුත්තට මුහුණදීමට අද(21) සිදුවූහ.

ඔවුනගේ ඡන්ද පතිකාවේ හැඳුනුම්පත් අංකය  වැරදියට සටහන් වී  තිබුණ නමුත් එම පතිකාවේ  නම නිවැරදි වුවත් ඡන්දය දීමට එම  ජනතාවට එම චන්ද මධස්ථානයෙන් ඉඩ නොදුන් බව ඔවුහු පැවසූහ.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂමට හා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිළි කරන බව මේ අසාධාරණයට ලක්වූ ජනතාව කීහ

මේ  එම  ඡන්ද පතිකා කිහිපයක නම් නිවැරදිවට මුදණයවී තිබුණත් හැදුනුම්පත් අංක වැරදියට මුදණයවී තිබෙන අයුරුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *