රට වහනවා හැර වෙන විකල්ප නැහැ – සජිත් ප්‍රේමදාස

කොවිඩ් වසංගතය හමුවේ වහාම රට වසා දමනවා හැර ජනතාව ජීවත්කිරීම සඳහා මේ මොහොතේ කිසිදු විකල්පයක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ අතර  කොවිඩ් මර්දන නිසි අයුරින් සිදු නොවන බව පවසමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරු පිරිසක් අද විරෝධතාවයක ද නිරත විය.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති එම විරෝධතාවයට එක් වූයේ සමගි ජනබලවේගයේ නලින් බණ්ඩාර, මුජිබර් රහුමාන් සහ හෙක්ටර් අප්පුහාමි යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ය.

ඔවුන්යේ ඉල්ලීම වූයේ මෙරට කොවිඩ් මුල් අවධියේ දී වසංගතය කළමනාකරණය කිරීමේ රාජකාරි ඉටුකළ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට සහ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය ඇතුළු පිරිසට කොවිඩ් මර්දන වගකීම් භාරදෙන ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *