රටින් පොල් ගෙන එන්නට රජය තීරණයක් ගෙන නැතැයි කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මිලියන 800 ක පමණ අගයකට හිමිකම් කියන පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනකරුවන් මෙරට සිටින බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන් අපනයන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කරන අර්ධ නිමි අමු ද්‍රව්‍ය ලෙස පොල් කිරි, පොල් මද සහ පොල්තෙල් ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කර තිබෙන බව පැවසීය.
අපනයනකරුවන්ගේ එම ඉල්ලීම සලකා බැලීමකට ලක් වෙනවා මිස රටින් පොල් ගෙන එන්නට කිසිම තීරණයක් ගෙන නැතැයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කළේය.
සහල් ප්‍රශ්නය මෙන්ම පොල් ප්‍රශ්නය ඇතිවුණේ පෙර පැවති ආණ්ඩු ඵලදායිතාව වැඩිකර ගත්තේ නැති නිසා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.