රටබීම හල් බලපත්‍ දෙන සූදුවක් – විපක්ෂ නායක

විවිධ වරදාන වරප්‍රසාද නිසා මත්පැන් බලපත්‍ර ලබා දෙන සූදුවක් මේ වන විට රට තුළ ක්‍රියාත්මක බවත් බලයට ඇති කෑදරකම නිසා දරුවන් ගැනවත් නොසිතා පාසල්, විහාරස්ථාන ඉදිරිපිට නිර්ලජ්ජිත ආකාරයට මත්පැන් ප්‍රවර්ධනය කරනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වේදිකාවල මතට තිත කියා මත්පැන් ප්‍රවර්ධනය කරනා බවත් ජනාධිපතිකම්, අගමැතිකම්, මැති ඇමතිකම්වලට ඇති කෑදරකම නිසා එවැනි දේවල් සිදු කරනා බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

මෙම දේශපාලන සූදුව නිසා ජන සමාජය සහ සංස්කෘතිය කඩා වැටෙනා බැවින් තවදුරටත් දේශපාලන සූදුවලට හසු නොවී දැන්වත් දරු පරපුර සහ රටේ අනාගතය ගැන සිතිය යුතු බවත් ප්‍රේමදාස මහතා කීවේය.

සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 203 වැනි අදියර යටතේ ත්‍රිකුණාමලය සේරුවිල මොරවැව මහදිවුල්වැව ජාතික පාසලට රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *