රටට අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන ගොඩ බා ඇති බව අමාත්‍ය සි.බි.රත්නායන මහතා පවසයි.

ඉන්ධන ලබා ගැනිමේදි රජය මුල්‍ය අර්බුධයකට මුහුණ පැ බවත්, මේ වන විට එම අර්බුධය විසදා ගනිමින් මෙරටට අවශ්‍ය ඉන්ධන ගොඩබාගෙන ඇති බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායන මහතා පැවසිය.

සි.බි.රත්නායක මහතා ඒ බැව් කියා සිටියේ (13) දින නුවරඑලියේදි මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍ය සි.බි.රත්නායක මහතා කියා සිටියේ

ඇත්ත වශයෙන්ම ඉන්ධන ලබා ගැනිමේදි මුල්‍ය අර්බුධයකට මුහුණ පැවා , ඒක නිරාකරණය කරගෙන රටට අවශ්‍ය ඉන්ධන ගොඩ බලා තියෙනවා.

මට අලුතින් විෂය පථයන් එකතු විමක් කියනවාට වඩා අලුතින් ගැසට් කිරිමක් තමයි සිදු කරලා තියෙන්නේ, මිට පෙරත් මෙම විෂය පථයම තමයි මට තිබුණේ.

එතකොට රාජ්‍ය අමාත්‍යවරයෙක් හිටියා දැන් රජ්‍ය අමාත්‍යවරයාගේ විෂය පථයන් මට ගැසට් කරලා තියෙනවා.

වන ගහණය 30% දක්වා වැඩි කිරිමට අරමුණක් තියෙනවා, වන සතුන් ආරක්ෂා කරගෙන සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරිමටත්, පාසල් ළමුන්ගේ සිට තරුණ ප්‍රජාව දක්වා නැවත වගා කිරිමේ ක්‍රමයක් ඇති කරන්න කටයුතු කරනවා.

හරිත ශ්‍රි ලංකාවක් එක් අයෙකුට එක් පැළයක් යනුවෙන් මම තේමාවක් හදාගෙන ඉන්නවා , වන සංරක්ෂණ , වනජිවි , දැව සංස්ථාව ,සත්ව උද්‍යානත් එක්ව මෙම වැඩ සටහන සිදු කරන්න කටයුතු කරනවා.

වන ගම්මාන ව්‍යාපෘතිය හදුන්වා දෙන්නත්, වනජිවි දෙපාර්තුමේන්තුව ඒකකයක් වශයෙන් සක්‍රිය කරගෙන සංචාරක කර්මාන්ත දියුණු කරන්න කටයුතු කරනවා.

නුවරඑලිය ග්‍රේගරි වැව තිබුණ විදිහ ගැන ජනතාව දන්නවා, නුවරඑලිය භුමිය ජනතාව නිවැරදි ආකාරයට භුක්ති විදින්න දෙන්න ඕනි , පෞද්ගලිකරණය සිදු කරන්න බැ.

නුවරඑලිය වසන්ත සැණකෙලියට බොහෝ පිරිසක් එන්නේ අශ්ව තරග බලන්න ඒ නිසා ඒවට අවශ්‍ය පහසුකම් සංවර්ධනය කරන්න ඕනි යනුවෙන් පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *