මුදලට විකිණෙන ක්‍රීඩකයෙක් නොව ආදරය-යහපත් ගතිගුණ සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙරටට අවශ්‍ය බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය.
2025 – ක්‍රීඩා ශක්ති වැඩසටහනට අනුව ජාතික කනිෂ්ඨ මට්ටමේ තරඟ වලදී ඉහල දක්ෂතා දක්වා ඇති, තෝරාගත් ක්‍රීඩාවන් 21 ක ක්‍රීඩා පුහුණුවේ නියැලෙන වයස අවුරුදු 18 සිට 20 දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යවරයා මේ බව කීය.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 900 ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මේ වන විට කටයුතු කරමින් ඇත.
එහි මූලික අදියර වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට අධික ප්‍රමාණයකට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද පැවැත්විණි.
මෙම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ, මෙරට ක්‍රීඩාවේ පැවැත්ම රඳා පවතින්නේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතුව බවයි.