රටඉදි ආනයන තහනමෙන් මුස්ලිම් ජනතාව පීඩාවට.

රජය විසින් පනවා ඇති ආනයනික භාණ්ඩ තහනමට රට ඉදි ඇතුළත් කිරීම නිසා මුස්ලිම් ජනතාවට තම උපවාස අවසන් කිරීමේදී විශාල ගැටලුවක් මතු වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.

මේ ගැන රජය පාර්ශවයෙන්ද අදහස් ඉදිරිපත් වූ නමුත් එම තහනම ඉවත් කිරීමට මෙතෙක් නිවේදනය කර නැතැයිද හෙතෙම කියා සිටී.

අද වන විට මෙරටට රටඉදි ආනයන බද්ද ඉහළ දමා ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

රට ඉදි නබිතුමා අනුමත කළ ආහාරයක් නිසා ඔහුට කරන ගෞරවයක් වශයෙන් සලකා මුස්ලිම් බැතිමතුන් රට ඉදි අනුභව කරන බවද ඔහු පැවසීය.

උපවාස කාලය අවසන් වූ පසු ආහාර ජීර්ණය සඳහා රට ඉදි ආහාරයට ගන්නා බවද මන්ත්‍රීවරයා තවදුරටත් සදහන් කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *